Wednesday, January 9, 2013

ඇයි අපි Physics ඉගෙන ගන්නේ?

උසස් පෙල විද්‍යා විෂය ධාරාවට පිවිසෙන ඔබ...
.
.
.
.
.
.
.
.
නිකමටවත් හිතල බැලුවද ඇයි Physics ඉගෙන ගන්නෙ කියල??? නෑ නේද...

අපිත් ඔය කාලෙ ඔහොමම තමයි...
තේරුමක් නෑ... කියන් දෙයක් අහන් ඉඳල... ඔහේ ඉගෙන ගන්නව... වැඩි හරියක් කලේ සූත්‍ර කට පාඩම් කරපු එක විතරයි.

ඒත් දැන් තේරෙනව Physics කියන්නෙ කොච්චර පුළුල් subject එකක්ද කියල.

Physics කියන්නෙ අපි හිතනවටත් වඩා පුළුල් ගොඩක් ආස හිතෙන subject එකක්. Physics ඉගෙන ගන්න ඔයාලටත් ඒක තේරෙනව ඇති. Physics අනෙක් subjects වලට වඩා ගොඩක් ලේසියි. ඒ ඇයි කියල හිතුනෙ නැද්ද?

නිකමට හිතල බැලුවොත් අප අවට සිදුවන සියලුම ක්‍රියාකාරකම්, කොහොමද වෙන්නෙ, මොකක් නිසාද වෙන්නෙ, ඇයි ඒක එහෙම වෙන්නෙ, ඒක එහෙම උනාම වෙන දේවල් වලට බලපෑමක් නැද්ද... යනාදී ප්‍රශ්න වලට Physics  වලින් හිතල බැලුවොත් ලේසියෙන්ම නිරවුල් කරගන්න පුලුවන්...

භෞතික විද්‍යාව යනු කුමක්ද?



ඇත්තටම භෞතික විද්‍යාව කියන්නෙ මොකක්ද, ඇයි අපි ඒක ඉගෙන ගන්නෙ කියල ඕගොල්ලො කවදාවත් හිතුවද?
උසස් පෙල විද්‍යා ධාරාවේ ඉගෙන ගන්න පිවිසෙන ගොඩක් අයට  ඔය ප්‍රශ්නය හිතට එන්න ඇති නේද...

අද අපි ඉගෙනගමු ඇත්තටම භෞතික විද්‍යාව කියන්නෙ මොකක්ද කියල.

මුලින්ම බලමු උසස් පෙල විද්‍යා විෂය ධාරාවේ අපි Chemistry, Physics, Bio, Maths කියල කියන්නෙ මොනවටද කියල.

Chemistry

රසායන විද්‍යාව කියල කියන්නෙ පදාර්ථයේ ව්‍යුහය පිලිබඳ හැදෑරීමේ විද්‍යාවයි. ඒ කියන්නේ න්‍යෂ්ටියේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නි‍යුට්‍රෝන ඉඳන් පටන් ගෙන, ආවර්තිතා වගුව, බන්ධන, ප්‍රතික්‍රියා යනාදී වශයෙන් පදාර්ථයේ ව්‍යුහය ගැන ඉගෙන ගන්න එකයි

Physics

භෞතික විද්‍යාව කියල කියන්නෙ පදාර්ථයේ හැසිරීම පිලිබඳ හැදෑරීමේ විද්‍යාවයි. ඒ කියන්නේ වස්තුවකට බලයක් දුන්නම වෙනදේ, ගසකින් ගෙඩියක් වැටෙන විට වෙනදේ යනාදී වශයෙන් ශක්තියත් සම්බන්ධ කරගෙන පදාර්ථය අවකාශයේ හැසිරෙන ආකාරය ගැන ඉගෙන ගන්න එකයි.

Biology

ජීව විද්‍යාවෙදි අපි කරන්නෙ ජීවී ප්‍රභේද, ඔවුන් තුල සිදුවන අභ්‍යන්තරික ක්‍රියාකාරකම්, ඔවුන් මගින් සිදුවන බාහිර ක්‍රියාකාරකම්... යනාදී වශයෙන් පදාර්ථයේ සජීවී කොට්ඨාස පිළිබඳව අධ්‍යනය  කිරීමයි.

Mathematics

ගණිතයේදි වෙන්නෙ රසායන, භෞතික සහ ජීව විද්‍යා ක්ෂේත්‍ර වලදී අප විසින් ලබා ගන්නා සෛද්ධාන්තික සහ ප්‍රායෝගික සමීකරණ තවත් කෙනෙකුට තෙරුම් ගත හැකිවන පරිදි සරලව ගොඩනැගීමයි.


හොඳම වැඩේ කියන්නෙ මමත් මේව හරියටම ඉගෙන ගත්තෙ අපේ කැම්පස් එකේ එක්තරා ප්‍රසිද්ධ දේශකවරයෙකුගෙ දේශනයකදි.

දැන් අපි යොමුවෙමු Physics වලට...

භෞතික විද්‍යා විශය නිර්දේෂය

1) භෞතික රාශි සහ මාන
2) යාන්ත්‍ර විද්‍යාව
3) දෝලන හා තරංග
4) තාප භෞතිකය
5) ගුරුත්වජ ක්ෂේත්‍ර
6) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර
7) ධාරා විද්‍යුතය
8) විද්‍යුත් චුම්බකත්වය
9) ඉලෙක්ට්‍රොනික විද්‍යාව
10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
11) පදාර්ථ සහ විකිරණ