Wednesday, January 9, 2013

භෞතික විද්‍යාව යනු කුමක්ද?



ඇත්තටම භෞතික විද්‍යාව කියන්නෙ මොකක්ද, ඇයි අපි ඒක ඉගෙන ගන්නෙ කියල ඕගොල්ලො කවදාවත් හිතුවද?
උසස් පෙල විද්‍යා ධාරාවේ ඉගෙන ගන්න පිවිසෙන ගොඩක් අයට  ඔය ප්‍රශ්නය හිතට එන්න ඇති නේද...

අද අපි ඉගෙනගමු ඇත්තටම භෞතික විද්‍යාව කියන්නෙ මොකක්ද කියල.

මුලින්ම බලමු උසස් පෙල විද්‍යා විෂය ධාරාවේ අපි Chemistry, Physics, Bio, Maths කියල කියන්නෙ මොනවටද කියල.

Chemistry

රසායන විද්‍යාව කියල කියන්නෙ පදාර්ථයේ ව්‍යුහය පිලිබඳ හැදෑරීමේ විද්‍යාවයි. ඒ කියන්නේ න්‍යෂ්ටියේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නි‍යුට්‍රෝන ඉඳන් පටන් ගෙන, ආවර්තිතා වගුව, බන්ධන, ප්‍රතික්‍රියා යනාදී වශයෙන් පදාර්ථයේ ව්‍යුහය ගැන ඉගෙන ගන්න එකයි

Physics

භෞතික විද්‍යාව කියල කියන්නෙ පදාර්ථයේ හැසිරීම පිලිබඳ හැදෑරීමේ විද්‍යාවයි. ඒ කියන්නේ වස්තුවකට බලයක් දුන්නම වෙනදේ, ගසකින් ගෙඩියක් වැටෙන විට වෙනදේ යනාදී වශයෙන් ශක්තියත් සම්බන්ධ කරගෙන පදාර්ථය අවකාශයේ හැසිරෙන ආකාරය ගැන ඉගෙන ගන්න එකයි.

Biology

ජීව විද්‍යාවෙදි අපි කරන්නෙ ජීවී ප්‍රභේද, ඔවුන් තුල සිදුවන අභ්‍යන්තරික ක්‍රියාකාරකම්, ඔවුන් මගින් සිදුවන බාහිර ක්‍රියාකාරකම්... යනාදී වශයෙන් පදාර්ථයේ සජීවී කොට්ඨාස පිළිබඳව අධ්‍යනය  කිරීමයි.

Mathematics

ගණිතයේදි වෙන්නෙ රසායන, භෞතික සහ ජීව විද්‍යා ක්ෂේත්‍ර වලදී අප විසින් ලබා ගන්නා සෛද්ධාන්තික සහ ප්‍රායෝගික සමීකරණ තවත් කෙනෙකුට තෙරුම් ගත හැකිවන පරිදි සරලව ගොඩනැගීමයි.


හොඳම වැඩේ කියන්නෙ මමත් මේව හරියටම ඉගෙන ගත්තෙ අපේ කැම්පස් එකේ එක්තරා ප්‍රසිද්ධ දේශකවරයෙකුගෙ දේශනයකදි.

දැන් අපි යොමුවෙමු Physics වලට...

No comments:

Post a Comment